ගාසා තීරයට සහනාධාර සහිතව ගියේය යැයි චෝදනා ලද තුර්කි නැව වෙන්දේසියට

Tuesday, 23 November 2021 - 10:54

2010 වසරේ දී ඇති වූ  සිද්ධියක් නිසා තුර්කිය සහ ඊශ‍්‍රායලය අතර නොසන්සුන්තාවයක් ඇතිි වීමට මුලික හේතුවක් වු තුර්කියට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් තුර්කිය විසින් අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇත. මේ බව එරට රාජ්‍ය මාධ්‍ය පසුගිය නොවැම්බර් 20 වන සෙනසුරාදා වාර්තා කළේය. මාවි මාමරා යැයි නම් වන මෙම නැව ඩොලර් ලක්‍ෂ තුනක ආරම්භ මිලක් සහිතව වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතය. එක්තරා සංවිධානයක් විසින් මෙම නැව ගාසා තීරයට බලයෙන් ඇතුල් කිරීමට තැත් කළේය යන චෝදනාව සහිතව ඊශ‍්‍රායලය හමුදා සාගරය මැද මෙම නැවට කඩා වැදීම නිසා මෙම නෞකාව ජගත් අවධානයට එවකට යොමු විය. වෙන්දේසිය ඉදිරි දිනෙක ඉස්තාන්බුල් නගරයේ ඇනඩොලූ උසාවි සංක‍්‍රිර්ණයෙහි පැවැත්වීමට නියමිතය. මීටර් 93 ක් දිල මෙම ප‍්‍රවාහන නෞකාව පසුගිය 2021 අගෝස්තු මාසයේදී සිදු වු මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රහාරයකින් පසුව දැනට සෝමාලියේ මොගදිෂුහි වරායේ නැංගුරම් ලා ඇත. නෞකාව එහි සිට තුර්කියට ගෙන ඒම සඳහා ඩොලර් 320,000 ක් වැය වෙතැයි ගණන් බලා ඇති බව තුර්කි පවසයි. මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙසින් මිසයිල සහ උණ්ඩ නැවෙහි තැන් තැන්වල ඇති නමුත් ඒ මිස නැව සාධාරණ හොඳ තත්ත්වයේ පවතින බව එහි හිමිකනරුවන් පවසා ඇත. 2010 මැයි මාසයේදී, මධ්‍යධරණී මුහුදේ ජාත්‍යන්තර මුහුද හරහා ගමන් කරමින් සිටියදී ඊශ‍්‍රායල සොල්දාදුවන් මාවි මාමාරා නැවට කඩා වැදී එහි සිටි තුර්කි පුරවැසියන් 10 දෙනෙකු ඝාතණය කර දැමුහ. ඊශ‍්‍රායලය කියා සිටියේ නෞකාව නීති විරෝධි ලෙස ගාසා තීරයේ පලස්තීන සරණාගතයන්ට සහනාධාර රැගෙන යමින් සිටි බවත් එහි සන්නද්ධ ක‍්‍රියාකාරීන් සිටි බවත්ය. සිද්ධියේ ප‍්‍රතිඵලයක් හැටියට තුර්කිය සහ ඊශ‍්‍රායලය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවට දැඩි හානි ඇති විය. පසුව 2016 දී එම සිද්ධියට කණගාටුව දැක්වීමක් වශයෙන් ඊශ‍්‍රායලය විසින් වින්දිතයන් දස දෙනාගේ පවුල්වලට ඩොලර් මිලියන 20 ක වන්දියක් ගෙවන ලදී.

3


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

හෙලිකොප්ටර් අනතුරකිà...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවà...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?